(කේ බුද්ධික කුමාරසිරි)
දකුණු කොරියාවේ පෑස්සුම් ශිල්පීන් ලෙස රැකියා සදහා බදවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි කොලොන්නාව ප්‍රදේශයේ බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනයක් වටලා එහි නියෝජිතයන් දෙදෙනෙකු අද (10) දින අත් අඩංගුවට ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය පවසයි.
මේ සම්බන්ධයෙන් විදෙශ රැකියා කාර්‍යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලි ගණනාවක් මත අදාල වැටලීම සිදු කර සිදුකල පරීක්ෂාවේදී විදේශ රැකියා ලබාදීම සදහා එම ආයතනයට බලපත්‍රයක් නොතිබූ බවත් කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක් තුල මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබූ බවක් එම ඒකකය පවසයි.
අදාල සම්මුඛ පරීක්ෂණ සදහා දෙසිය දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ තිබූ බවත් එලෙස රැකියා සදහා පැමිණෙන එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකත් තුනත් අතර මුදලක් ලබාගෙන තිබූ බවත් වැඩි දුරටත් අනාවරණය වූ බවද එම ඒකකයේ නිළධාරීයෙකු පැවසීය
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ලබුගම කළටුවාව පුදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි පුද්ගලයෙකි

