(ගයාන් සූරිය ආරච්චි)
කූට ලේඛන සකස් කරමින් රියැදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි පොත් ව්‍යාජව සකස් කර ජාවාරම් කළ වේරහැර ප්‍රදේශයේ වියදුරු පාසලක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනම්පිටිය, වේරහැර, නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචි 39 ත් 60 වියේ පසුවන තිදෙනකු බව පොලිසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර කාඩ්පත් 22 ක්, ජංගම දුරකථන හයක්, පරිගණක යන්ත්‍රයක් ඇතුළු ලේඛන රැසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.