(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කරවා ගැනීම සඳහා ඇමෙරිකාව සමග අඛණ්ඩව සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය අද (18) ප්‍රකාශ කළේය.
ඒ යටතේ මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයන් යුත් නියෝජිත පිරිස, ඇමෙරිකාවේ වෙළෙඳ නියෝජිතයන් සමග මාර්ගගතව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එයට ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාද මාර්ගගතව සම්බන්ධවූ බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
"අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා ශ්‍රී ලංකාවට පැනවීමට යෝජනා කළ සියයට 44 ක් තීරු බද්ද අඩුකර ගැනීම සඳහා ආරම්භ කළ සාකච්ඡාවල දිගුවක් ලෙස අද (18) පැවැති සාකච්ඡාව මෙන්ම ඉදිරියට පැවැත්වෙන සාකච්ඡාද පැවැත්වෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය පැවැසුවේය. ඒ හේතුවෙන් මුල් සාකච්ඡාවලට සහභාගී වූ පිරිස ඒ ආකාරයෙන්ම අද (18)පැවැති සාකච්ඡාවට සහභාගී වූ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ මෙන්ම ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීමට අද (18) පැවැති සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවූ බව මුදල් අමාත්‍යාංශය පැවැසුවේය.
පසුගිය අප්‍රේල් 2 වැනිදා ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝලීය තීරු බද්දක් පනවනු ලැබුවේය. එහිදී අවම තීරු බද්ද සියයට 10 ක්වූ අතර ඇතැම් රටවලට ඉහළ තීරු බද්දක් පනවනු ලැබුවේය. ඒ යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට යෝජනා විය.
එහිදී ශ්‍රී ලංකාව තීරු බද්ද අඩුකර ගැනීම සඳහා කඩිනමින් සාකච්ඡා මේසයට පැමිණි බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට පැනවීමට යෝජනා වූ සියයට 44 ක තීරු බද්ද සියයට 30 ක් දක්වා අඩුකළ බව දන්වමින් පසුගිය 12 වැනිදා මෙරටට නිල වශයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ලිපියක් ලැබුණු බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
වෙනස්කමක් සිදු නොවුහොත් මෙරටට පනවා ඇති සියයට 30ක තීරු බද්ද එළැඹෙන 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තීරු බද්ද තවත් අඩු කර ගන්න අඛණ්ඩව සාකච්ඡා