IMG-LOGO

පාසල් තුනක සිසුසිසුවියෝ ජනපති මන්දිරයට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට මහනුවර විද්‍යාලෝක විද්‍යාලය, අම්පාර වෙරන්කැ‍ටගොඩ විද්‍යාලෝක විද්‍යාලය සහ දිගම්පතහ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල් වල සිසුසිසුවියන් හට අද (18) අවස්ථාව උදා විය. 

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කාර්යයට අදාළ ක්ෂේත්‍ර චාරිකාවක් ලෙස ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය සහ පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.

එසේම, මෙම වැඩසටහනට සමගාමීව “ Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරුදැරියන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.

පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් මෙම වැඩසටහනට සහභාගී වූ පාසල් වෙත සංකේතාත්මක තිළිණ ලෙස වටිනා පැළ ප්‍රදානය කෙරිණි.



අදහස් (0)

පාසල් තුනක සිසුසිසුවියෝ ජනපති මන්දිරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site