
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව නගරයේ ව්‍යාපාරිකයකුට රුපියල් කෝටියක වටිනාකමකින් යුත් මැණික් ගලක් ඇති බව අගවමින් ව්‍යාජ පාෂාණයක් අලෙවි කිරීමට සුදානම් වු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව පරමාකන්ද ගම්මානයෙ පදිංචි අවුරුදු 34 හා 38 හැවිරිදි විවිධ ජාවාරම් වලට සම්බන්ධ බව සැකකරන දෙදෙනෙකු බව කියයි.
මෙම ව්‍යාපාරීකයාට මෙයට පෙර ගෙවිගිය අප්‍රේල් මාසයෙද මැණීක් ගල් තොගයක් ඇති බව පවසමින් මෙලෙසම මැණීක් ගල් තොගයක් පෙන්වමින් එය මිළදි ගැනිමට ආණමඩුව නගරයට පැමිණ සිටියදී ඔහු සතුව තිබු රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් මෙලෙස රැගෙන පලා ගොස් සිටි බව කියයි.
එම සිද්දිය සම්බන්ධයෙන් පොලිසියට කිසිදු පැමිණිල්ලක් කර නොතිබු පසුබිමක නැවත වෙනත් දුරකථන අංකයකින් නිධානයකින් ගොඩ ගත් බව කියමින් මෙලෙස රුපියල් කෝටියක මැණීක් ගලක් ඇති බව පවසමින් නගරය පැමිණේන ලෙසත් එවිට මැණික් ගල පෙන්විමට හැකි බවත් මිළදි ගැනිමට අවශ්‍යම නම් මුදල්ද රැගෙන එන ලෙස පවසා ඇති බව කියයි.
කෙසේ නමුත් පෙර අවස්ථාවක සිදුවු සිදුවිමේන් රැවටි සිටි මෙම ව්‍යාපාරීකයා ආණමඩුව සහකාර පොලිස් අධීකාරිවරයා දැනුවත් කර මෙම වැටලීම සිදු කර තිබේ.


