හොර තේරීම් බේරගන්න බුද්ධි අංශ යොදවයි


( විශේෂ වාර්තාකරු)

දිළිඳුම පවුල්වල පිරිස්වලට නව රැකියා ලක්‍ෂයක් සැපයීමේ වැඩසටහනේ දී සහ දිළිඳු පවුල්වලට ආහාර සහන මිලට සැපයීම සඳහා නිර්දේශ ලබාදීමේ දී ග්‍රාම නිලධාරීන් නිසි ලෙස සිය රාජකාරිය ඉටුකරන්නේද යන්න ගැන අධීක්ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් පත්කර ඇත.

රැකියා සැපයීමේ වැඩසටහනේ දී හා සහනදායී මිලට දිළිඳු පවුල්වලට ආහාර සැපයීමේ දී කාඩ්පත් ලබාදීමේ දී ඒ සඳහා වන ප්‍රධාන නිර්දේශය ලබාදිය යුත්තේ ග්‍රාමසේවා නිලධාරීවරයා ය. දිළිඳු ජනයා වෙසෙන පවුල්වල ආදායම් තත්ත්වය පිළිබඳ විධිමත් සහ නිවැරදි සහතිකයක් නිකුත් කරන ලෙස ග්‍රාමසේවා නිලධාරීන්ට රජය දැනටමත් දිසාපතිවරුන් මාර්ගයෙන් උපදෙස් දී ඇත.

එසේ තිබියදීත් පෞද්ගලික ලාභ අපේක්‍ෂාවෙන් හෝ වෙනත් හේතු මත අදාළ සහන ලැබිය යුතු අයට සහතික නිකුත් නොකරන ග්‍රාමසේවා නිලධාරීන් ගැන සොයාබලා නිසි පියවර ගැනීමට බුද්ධි අංශයේ නිර්දේශ ජනාධිපතිවරයා විසින් ලබාගන්නා බව කියැවේ.