හොර ඉන්ධන ගබඩාවක් වරකාපොළින් අල්ලයි


(එන් ආරච්චි)

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන්  විසින් අද (18) පස්වරුවේ වරකාපොල මාහේන, ප්‍රදේශයේ  ගොඩනැගිල්ලක රහසිගතව පවත්වාගෙන ගිය ඉන්ධන  ගබඩාවක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු තෝලංගමුව ,දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකි .එහේ ඩීසල් ලීටර් 790 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වරකාපොල  පොලීසියට භාරදී ඇත.