
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සදහා යොදා ගනිමින් තිබු ආණමඩුව ආඬිගම කම්මන්දළුව ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබා අදාල නීතිමය කටයුතු කිරීමට පාරිභෝගීක අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය කියයි.
මෙසේ මුද්‍රා තැබිම සිදුවුයේ ආඬිගම ආදාහේන ප්‍රදේශයෙ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන මහා පරිමාන කර්මාන්ත ශාලාවකට බව පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.
අදලා කර්මාන්ත ශාලාව පරික්ෂා කිරීමේදි එම කර්මාන්ත ශාලාවේ ගබඩා කර තිබු කිලෝ 27000 සහල් තොගයක් උර වල අසුරා තිබියදී සොයා ගත් බව විශේෂ වැටලීම් ඒකකය පවසයි.

