හේමසිරි - පූජිත් 9 තෙක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)
 
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජූලි 9වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන  ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(03) නියෝග කළාය.
 
එදිනයට සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම්දුන්නාය.