හෙරෝයින් ජාවාරමේ යෙදුණු 6 ක් අත්අඩංගුවට


(දෙහිවල එච්.එම්. ධර්මපාල)

මහා පරිමාණයෙන් හෙරෝයින් ජාවාරමේ නියුතු පුද්ගලයින්  5 දෙනෙකු හා එක් කාන්තාවකද ඇතුලු  6 දෙනෙකු අද (25) නුගේගොඩ කොටිඨාශ දූෂණ මර්දන ඒකකය මගින් බෝකුන්දර හා හොරණ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙම සැකකාරිය සහ අනෙක් අය හොරණ බෝකුන්දර , පාසැල් මාවත යන ප්‍රදේශවල පදිංචිව සිටින වයස 26 සිට 40  දක්වා වන බවත් පොලිසිය සඳහන් කරයි.

අත් අඩංගුවට ගත් දේපල අතර ත්‍රීරෝද රථ 2ක්, යතුරුපැදි  3ක්, වැගන් ආර් වර්ගයේ මෝටර්රථයක්, හෙරොයින් අලෙවියෙන් උපයාගත්  මුදල් රුපියල් ලක්ෂ  10කට අධික මුදලක්, ජංගම දුරකථන, හෙරොයින් කිරණ ඉලෙක්ට්‍රෝනික තරාදියක් ඇතුලු උපකරණ තිබූ බවත් පොලිසිය පවසයි.

මෙම හොරෝයින් ජාවාරම දැනට බන්ධනාගාර ගතව සිටින අයි. ඩී .දර්ශණ නමැති. සංවිධානාත්මක හොරෝයින් ජාවාරමක පුද්ගලයෙකු ජංගම දුරකතන මගින් ලබා දෙන උපදෙස් අනුව සිදුකරගෙන යනු ලබයි .

වැඩිදුර පරීක්ෂණ කටයුතු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ නුගේගොඩ කොටිඨාශ දූෂණ මර්දන ඒකකය මගින්  සිදුකරගෙන යනු ලබයි.