(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කහතුඩුව කෝරළඉම ප්‍රදේශයේ දී රුපියල් 20,000 පමණ වටිනා හොරෙයින් මත්කුඩු සමග කළුගල් මෝලක හිමිකරුවෙක් අද (28) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි .
එම සැකකරු සමඟ මත් කුඩු මිලිග්‍රෑම් 1300 හා ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත .
පෙරේදා 27 කහතුඩුව හෙරලියාවල ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් ගැබිණි කාන්තාවගෙන් රඳවා ගැනීමේ නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .