
( සුමිත් පොතුපිටිය)
මත්කරල් ,හෙරොයින් , ටී 56 ජීව උණ්ඩ සහ ආරක්ෂක අංශ නිළධාරීන් භාවිතා කරන අත් විලංගුවක් සමඟ හිටපු යුද හමුදා සෙබළකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර සහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 28 සහ 27 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.
ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතා ට ලද තොරතුරක්
පයාගල ප්‍රදේශයේ දී හිටපු යුද හමුදා සෙබළා ටී 56 ජීව උණ්ඩ 30 ක් අත් විලංගුව සහ හෙරොයින් මත්කුඩු ග්‍රැම් 6 කට ආසන්න ප්‍රමාණයක් සහ ගමන්ගත් යතුරුපැදිය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

