ඉන්දිකා රාමනායක
රුපියල් කෝටි 108 කට අධික වෙළඳ වටිනාකමකින් යුත් හොරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු හික්කඩුව ප‍්‍රදේශයේ කෝටිපති හෝටල් ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.
හික්කඩුවේ හෝටල් ව්‍යාපාරිකයා කොළඹට පැමිණ මත්කුඩු රැගෙන යන බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ පොලිස් පරීක්ෂවරයකු වෙත ලැබුණු තොරතුරු අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමඟ මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී මෙම ව්‍යාපාරිකයා , ඔහුගේ ගෝලයා සහ ඇමෙරිකානු ජාතිකයකු මත්කුඩු කිලෝ එකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන්ගෙන් හෙළි වු තොරතුරු අනුව සෙසු ඇමෙරිකානු ජාතිකයා හා ඇෆ්ගනිස්ථාන ජාතිකයා සුපිරි නිවාස සංකීර්ණයක දී අත්අඩංගුවට ගෙන තිබුණි.
සෙසු විදේශකයන් දෙදෙනා සිටි නිවසට පරීක්ෂා කිරීමේ දී එහි කාමර දෙකක විශාල ගමන් මලූ දෙකක ඇසුරුමක කිලෝ එක බැගින් අසුරා තිබු තවත් හොරොයින් කිලෝ 96 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.