
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රැකියාව නිමවා සිය සැමියා සමග යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටි කළුබෝවිල ශීක්ෂණ රෝහලේ හෙද සොයුරියක් සිමෙන්ති පැටවූ ලොරියකට යටවීමෙන් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ පිළියන්දල ජාලියගොඩ විජය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනූෂා ක්‍රිෂාන්ති ලියනගේ 47 දෙදරු මවකි.
ඇය වාට්ටු අංක 11 ප්‍රධාන හෙද සොයුරිය ලෙස කටයුතු කළාය. අනතුරින් ඇයගේ සැමියා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි
මියගිය හෙද සොයුරියගේ සැමියාද පෞද්ගලික රෝහලක තාක්ෂණ කළමනාකරුවෙකු ලෙස සේවය කරන අතර ඔහු සේවය නිමවීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල අසලට ගොස් සිය බිරිඳව ද යතුරුපැදියට නන්වාගෙන ඇතැයි පොලිසිය කියයි.

