හෙද සිසුන් 2650ක් අලුතින්


(නිමල කොඩිතුවක්කු)

දෙසැම්බර් මාසයේදී හෙද සිසුන් 2,650 ක් බඳවා ගැනීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙරට හෙද විදුහල් 17 ක හෙද ආචාර්යවරුන් 216 ක් මෙන්ම පුහුණුව ලබන සිසුන් 5000 දෙනකු සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙද විදුහල්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.

දැනට සිටින හෙද ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවන බැවින් තවත් හෙද ආචාර්යවරුන් 175 ක අවශ්‍යතාවයක් පවතින බව ද එහිදි අනාවරණය විය.

ඒ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා නතර කර ඇති හෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින් ආරමිභ කර ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස් වෙනුවෙන් ඉදිරි මාස දෙක ඇතුළත විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.