හෙටත් පැය 3 යි විනාඩි 45 ක් විදුලය නෑ


(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (15) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ (13) පස්වරු පැවසීය.

‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරු කාලයේ පැයක් ද, විදුලිය කප්පාදු කරන බවත් මහජන උපයෝගිතා කොමිසම කීය.