
(යොහාන් භාසුර)
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම හේතුවෙන් හෙට (16) සිට විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා දීර්ඝ වන බව විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය ඩී. සී. ආර්. අබේසේකර මහතා පැවසීය.
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගාවොට් 270 ක ධාරිතාවයෙන් යුත් දෙවැනි බලාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ක්‍රියාත්මක වන නිසා මේ වන විට මෙගාවොට් 540 ක විදුලි ධාරිතාවක් අහිමිවීමෙන් විදුලි කප්පාදුව වැඩි කිරීමට සිදුව ඇති බව ද අබේසේකර මහතා වැඩි දුරටත් කීය.
පැය තුනක විදුලි කප්පාදුවට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ද ලබාදුන් බව එම කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා ද පැවසීය.

