
(අංජුල මහික වීරරත්න)
පවතින හදිසි ආපදා තත්ත්වය නිසා රජයේ කාර්යාල සඳහා හෙට(28) විශේෂ නිවාඩු දිනයක් රජය ප්‍රකාශයට පත් කර ඇත.
ආපදා තත්ත්වය හමුවේ සාමාන්‍ය කාර්යාල කටයුතු පවත්වා ගෙන යාමේ දී මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගෙන මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත.
තවද රජයේ අත්‍යවශ්‍ය සේවාවන් හා ආපදා සහන සේවාවන්ට අදාල නිලධරයන් සේවයට කැඳවීමට ඉහත නිවාඩුව බාධාවක් නොවිය යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසයි.
-------------------------------------------------------------
පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට(28) දිනය විශේෂ නිවාඩු දිනයක් වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ ය.

