හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජූලි‌ගේ)

හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට ප.ව 5.30 සිට  ප.ව 9.30 දක්වා පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි.

කථානායක අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයෝ පාර්ලිමේන්තුවේදී රැස්වූහ.