(නාලක සංජීව දහනායක)
වර්ෂාව සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් හෙට (30) උදෑසන 6.00 සිට අනිද්දා (31) උදෑසන 8.00 දක්වා පැය 26 ක කාලයක් ධීවර කටයුතුවල නොයෙදෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මන්නාරම සිට පුත්තලම දක්වාත් කොළඹ, මාතර, හම්බන්තොට සිට මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ හෙට සහ අනිද්දා සුළගේ වේගය පැයට කිලෝමීටර 70 - 80 ත් අතර රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප‍්‍රදේශ ඉතාමත් රළු ස්වාභාවයක් ගන්නා අතරම දිවයිනේ සෙසු මුහුදු ප‍්‍රදේශවලද සුළගේ වේගය පැයට කිලෝමීටර 60 -70 දක්වා රළු විය හැකි බවත් එම නිසා හැකිතාක් ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

