හිස්බුල්ලා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට


ඉන්දිකා රාමනායක

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම්  හිස්බුල්ලා මහතා ප‍්‍රකාශයක් ලබා දීම සදහා අද (3) සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණියේය.

2018.9.05 වැනි දින  දුරකතනයෙන් මරණීය තර්ජනය කළ බව  පවසමින්  කන්දයියා ඉම්බරාසා නැමැත්තෙක් කළ පැමිණිල්ලකට අදාලව සිදුකරන විමර්ශනයක් වෙනුවෙන් ප‍්‍රකාශක් ලබා ගැනීමට හිස්බුල්ලා මහතා මෙලෙස  කැඳවු බව පොලිසිය කියයි.

පොලිසිය  සිද්ධිය සම්බන්ධයෙන් තවමත් හිස්බුල්ලා මහතාගෙන් ප‍්‍රකාශ ලබා ගනිමින් සිටී.