(හේමලතා ඩී හේවගේ)
මීගමුව පොලිස් වසමේ තෙල්වත්ත හන්දිය ප්‍රදේශයේ පාවුලු පාප් මාවතේ හිස් ඉඩමක් කම්කරුවෙකු විසින් පිරිසිදු කරනා අවස්ථාවේදි සැක කටයුතු පෝර උරයක් දැක ඒ සම්බන්ධව අද (27) නීතීය බලගැන්වීමේ ඒකකයේ පොලිස් නිලධාරින් දැනුවත් කර ඇත.
මීගමුව පොලිස් කොට්ඨාසයේ නීතීය බලගැන්වීමේ ඒකකයට ලැබුන එම තොරතුර මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින්ට සැකකටයුතු පෝර උරයේ තිබි ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා MB5 මිනිපිෂ් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 130 ක්, මැගසින් 2 ක්, ටී 56 පතුරම් 30ක් සොයාගැනිමට හැකි වූ බව මීගමුව කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.
මෙම වැටලීම මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරාල මහතාගේ උපදෙස් මත නීතීය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියදර්ශන මහතා ඇතුළු පොලිස් සැරයන් (49034) ජේ.එම්.එස්.ජයකොඩි, පොලිස් කොස්තාපල්වරුන් වන (81119) කෝණාර, (84546) නිමේෂ් , (85216) ජයසිංහ, (5875) විජේනායක ,(53168) විජේසුන්දර යන නිලධාරින් එක්ව සිදුකර ඇත.



