හිසතෙල් ගෑමේ නැකත හෙට පෙරවරු 07.16ට


(ඩයනා උදයංගනී)

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී හෙට (17) ට යෙදෙන සුබ මොහොතින් පැවැත්වේ.

මෙවර අලුත් අවුරුදු හිසතෙල් ගෑමේ නැකත හෙට (17) පෙරවරු 07.16ට යෙදී ඇත. දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය සංවිධානය කර තිබේ.

ඔසු පැල දස ලක්‍ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහනක් ද හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට සමගාමීව ආරම්භ කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.

ලෝකවාසී ජනතාවට නිරෝගීභාවය ප්‍රාරථනා කරමින් මෙම කටයුතු සංවිධානය කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.