
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන්)
කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇය සමග කාන්තාවන් ඇතුලු පිරිසක් අද පෙරවරුවේ සිට මෙම විරෝධතාව ආරම්භ කර තිබුණි.
මේ අතර හිරුණිකා ප්‍රේමන්ද්‍ර ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරෝධය පා සමගි ජන බලවේග්‍ය පක්ෂයට සම්බන්ධ ගොවි ජනබලවේගයේ ගොවීන් පිරිසක් චැතම් වීදියට පැමිණි එහි දමා තිබු පොලිස් මාර්ග බාධක බිඳගෙන ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට උත්සහ කිරීමේ දී පොලිසිය ඔවුන් වෙත අවස්ථා දෙකක දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
ඡායාරූප ගයාන් අමරසේකර



