හිරු මුදුන්වීම ඇරඹෙයි


(ඩයනා උදයංගනී)

සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (28) දහවල් 12.11ට යාපනය සහ කොඩිකාමම් යන ප්‍රදේශවලට ඉහළින් ඍජුවම හිරු මුදුන් වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

හිරු මුදුන්වීම සැප්තැම්බර් මස 7 දක්වා සිදුවන බව එම ප්‍රකාශකයා කීවේය.