හිටපු හමුදා සෙබළා කුඩු සමග අල්ලයි


(ඉන්දිකා  රාමනායක )

යුද හමුදා  හැදුනුමිපත භාවිතා කරමින්  මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත හිටපු හමුදා සෙබලෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු සන්තකයේ අයිස් ග්‍රෑම් 08යි මිලි ග්‍රෑම් 150ක්, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 400ක් සහ මත්පෙති 1,850ක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඔහු මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මුල්ලේරියාව උණ රෝහල ආසන්නයේදී  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මුල්ලේරියාව උඩුමුල්ල  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හැවිරිදි තරුණයෙකු බවත්, මොහු 2020 වර්ෂයේ දී නිත්‍යානුකූල නොවන අන්දම්න් සේවය හැරගොස් සිටින සෙබලෙක් බවද විශේෂ කාරක බලකාය පවසයි.

හමුදා සේවයේ යෙදී සිටියදී ඔහුට  නිකුත් කර   තිබු හමුදා හැදුනුම්තපත  භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හා ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය විය.

සැකකරු මුල්ලේරියාව පොලිසියට පොලීසියට බාර දී ඇත.