හිටපු සේවකයා වාට්ටුවෙන් බෙහෙත් උස්සලා


(ජේ.ඒ.එල්.ජයසිංහ)

මහනුවර ජාතික රෝහලේ පිළිකා ප්‍රතිකාර වාට්ටුවේ තිබී පිළිකා රෝගීන්ට ලබාදෙන  මිල අධික ඖෂධ පෙති තොගයක් සහ එන්නත් වීදුරු ටියුබ් සොරකම් කළ වැඩ තහනමට ලක් වූ සේවකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු රෝහල් සේවකයකු ලෙස රෝහලට පැමිණ මෙම සොරකම සිදුකර ඇතැයි ඔහුගේ සේවය තහනම් කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.