හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත අත්අඩංගුවට ගනියි


(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සහකාර අධ්‍යක්ෂක තොරතුරු තාක්ෂණ විශ්‍රාමික් බ්‍රාහ්මණ බ්‍රාහ්මණ වාසල ප්‍රියන්ත බණ්ඩාර ඉරියගම සහ ලිපිකරුවකු ලෙස කටයුතු කරන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අයවලුන්ය

වීරසිංහ මහතාගේ ධුර කාලය තුළ සිදුවුයේ යැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් කරන විමර්ශනයක් හේතුවෙන් ලෙස මෙම අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි