(නිමන්ති රණසිංහ)
හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට පැනවූ වසර හයක සිරදඬුවම වසර තුනකින් ගෙවී යන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණෙවිය අද (2) නියෝග කළාය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීමට සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් යොදවාගෙන අල්ලස් පනත යටතේ දූෂණය නම් වරද කළැයි කියන සිද්ධියට අදාළව මෙලෙස සිරදඬුවම් නියම කෙරිණි.
ඊට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයාට රුපියල් ලක්ෂ තුනක දඩයක් ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව චූදිතයාට එරෙහිව නගා තිබූ චෝදනා 15 කින් චෝදනා 6 කට චූදිතයා වරදකරු වීමෙන් පසුව එම සිරදඬුවම නියම විය.

