හිටපු ජනපති සූමා යළි බලයට එන ලකුණු


දකුණු අප්‍රිකා ජනාධිපතිවරණයෙන්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් ය. කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවුණු අතර, හිටපු ජනාධිපති ජේකොබ් සූමා සහ අභිනවයෙන් පිහිටුවූ ‘එම්.කේ.’ පක්ෂය පවසා ඇත්තේ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවන බවය.

1994 වසරේ, වර්ණභේදවාදය තුරන් කිරීමෙන් පසු, දකුණු අප්‍රිකාවේ බලයේ සිටියේ, අප්‍රිතානු ජාතික කොංග්‍රසයයි. ජේකොබ් සූමා, ජනාධිපති ධුරය අහිමි වී, අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂය සමඟ මත ගැටුම් ඇති කර ගනිමින්, පක්ෂයෙන් ඉවත් වී, ‘එම්.කේ.’ පක්ෂය පිහිටුවා ගත්තේය. එම පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වුණු පළමු අවස්ථාව මෙයයි. 

මැතිවරණ ප්‍රතිඵලවලින් සියයට 50 කට වඩා නිකුත් වෙද්දී, අප්‍රිකානු ජාතික කොංග්‍රසයට දිනා ගැනීමට හැකිවූයේ සියයට 41 ක ඡන්ද ප්‍රතිශතයක් පමණය. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවැනි ස්ථානයට පත්වූයේ සියයට 21 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. ‘එම්.කේ.’ පක්ෂය පසුවූයේ තෙවැනි ස්ථානයේය. ඒ, සියයට 13 ක ඡන්ද ප්‍රතිශතයක් සමඟය. 

එසේ වුවත්, තමන්ට හිතවත් පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමටත්, යළි දකුණු අප්‍රිකාවේ ජනාපධිති ධුරයට පත් වීමටත් සූමා සූදානම් වෙයි. සූමා ට සහාය දීමට සෙසු පක්ෂ කැමැත්ත පළ කර ඇත.

(අල් ජසීරා)