
(අංජුල මහීකවීරරත්න, යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන චෝදනාවක් සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගී තත්වයක් හේතවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
අධික රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වෛද්‍යවරු මෙම නිර්දෙශය කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
හිටපු ජනපතිවරයාගේ සෞඛ්‍ය සම්බන්දයෙන් වෛද්‍යවරුන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව ද දැනගන්නට ඇත.
වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව මේ වන විට හිටපු ජනපතිවරයා කොළඹ ජාතික රෝහලට රැගෙන යමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියයි.
එසේම වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත හිටපු ජනපතිවරයාට නිවෙසන් ආහාර ලබාදීමට ද බන්ධනාගාර පරිපාලනය අවසර ලබාදී ඇත.
ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ


