හිටපු ජනපති - සහායක රදගුරුතුමන්ලා තිදෙනා පාස්කු කොමිසමට කැඳවති


පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට හෙට (24) වැනි දා උදෑසන 10.30 ට පෙනී සිටින ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සිව්දෙනෙකුට දන්වා තිබේ.

මෙලෙස පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සමීර ද සිල්වා, කොළඹ අගරදගුරු පදවියේ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා, ජේ.ඩී.ඇන්තනී ජයකොඩි, ඇන්ටන් රංජිත් යන සහයක රදගුරුතුමන්ලාට ය.

මීට පෙර ඔවුන්ට දන්වා තිබුණේ, අද (23) පස්වරුවේ ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ය. නමුත් අද දිනයේ පෙනී සිටියේ හිටපු ජනධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු වන සමීර ද සිල්වා පමණි.

 

(ඡායාරූපය - ළහිරු හර්ෂණ)