හිටපු ආරක්ෂක ලේකම් අද සීඅයිඩීයට නොපැමිණෙයි


(ළහිරු හර්ෂණ)
 
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද(02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙන බව දැනුම් දී ඇත.

ඒ මහතා රෝහල්ගතව සිටීම හේතුවෙන් එහි නොපැමිණෙන බව දැනුම් දී තිබේ.

හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබිණි.