(මුදිතා දයානන්ද)
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගෙන් අද (18) පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගත්තේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් ද ඊයේ (17) පැය ගණනාවක් ප්‍රකාශ ලබාගත් අතර ඔහුගෙන් තවදුරටත් අද දිනයේදී ද ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
විජයවර්ධන මහතාගෙන් හා අබේසේකර මහතාගෙන් පොලිස් ඒකකය අද පෙරවරු 9.30 පමණ සිට වෙන වෙනම ස්ථාන දෙකකදී ප්‍රකාශ ලබාගනු ලැබිණි. විජයවර්ධන මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීම පස්වරු 2.20 ට පමණ අවසන් විය.
ශානි අබේසේකර මහතා පස්වරු 4.30 පමණ වන තෙක් පැය හතක පමණ කාලයක් ප්‍රකාශ ලබාදුන් අතර ඔහුගෙන් ඉදිරි දිනයකදී තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවද දැන ගන්නට තිබේ.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ කාල වකවානුවේ රටේ පැවති ආරක්ෂක තත්ත්වය, ප්‍රහාරය පිළිබඳව පූර්ව තොරතුරු ලැබීම, පෙර සූදානම ආදිය සම්බන්ධයෙන් මෙහිදි දැඩි අවධානය යොමු කර ඇති බවද වාර්තාවේ.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)





