(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
" ඔය ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපිට" යන වදන තීරෝද රථයක ප්‍රදර්ශනය කරමින් එහි පිටුපස භක්කිය තුල එළුවන් දස දෙනකු කිටි කිටියේ තදකර හිංසාකාරී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි
සැකකරුවන් සමග පොලිස් භාරයට ගත් එළුවන් දස දෙනාගෙන් කුඩා පැටියකු ඒ මොහොතේම මියගිය බව පොලිසිය කියයි
නිල් පැහැයට හුරු ත්‍රී තීරෝද රථයකින් නීති විරෝධී ආකාරයෙන් එළුවන් ප්‍රවාහනය කරන බවට බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක නිලධාරීන් පිරිසක් වීදගම ප්‍රදේශයේදී සැකකටයුතු තීරෝද රථයට මඟ හරස්කර නවතා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තීරෝද රථය සමඟ පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ පරික්ෂාවේදී එළුවන් දස දෙනෙකු සිටින බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි
එම එළුවන් දස දෙනා තීරෝද රථයේ අඩියක පමණ පළලින් හා අඩි තුනක පමණ දිගින් යුත් පිටුපස භක්තියේ එකිනෙකාට තදවන ආකාරයෙන්ම එකිනෙකා මත පටවා ප්‍රවාහනය කර තිබූ බව පොලිසිය කියයි