(බිඟුන් මේනක ගමගේ සහ හර්ෂණ තුෂාර සිල්වා)
දේශපාලනය බලය අතින් අත මාරු වුවද හිංසන ක්‍රියාමාර්ගවලට නොයන්නැයි සියලුම වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය . ඇතැම් රාජ්‍ය ආයතනවල දැනටමත් එවැනි කටයුතුවලට සූදානම් වන බවක් තමාට දැනගැනීමට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට කටයුතු කළ බවත් ඔහු කීවේය.
රතිඤ්ඤා පත්තු කර සතුට සැමරීමේ වරදක් නැතත් නව රජයකට විසඳීමට ප්‍රශ්න රැසක් ඇති බැවින් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහාය අවශ්‍ය බව අමතක නොකළ යුතු බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස පළ කළේ ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සඳහා ශ්‍රීලනිප පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

