හැඳුනුම්පත් නිකුත් කරන්නේ 17 දක්වා ලැබුණු ඉල්ලුම්පත්වලට පමණයි


(ජයන්ත සමරකෝන්)

එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉකුත් 17 දක්වා ලැබී ඇති ඉල්ලුම්පත්වලට පමණක් ජාතික හැඳුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ජූලි 17 වැනිදායින් පසු හෙට (28) වනතෙක් ලැබී ඇති ඉල්ලුම්පත් සඳහා කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුත්, තාවකාලික අනන්‍යතා පත්‍රයක් නිකුත් කරන බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අද(28) පැවසීය.

එවැනි ඉල්ලුම්පත් 30,000ක් පමණ දැනට ලැබී ඇතැයිද, ඒ සඳහා තාවකාලික අනන්‍යතා පත්‍ර සකස් කිරීම සිදුවන බවද ඒ මහතා කීය.

මෙම තාවකාලික අනන්‍යතා පත්‍ර මැතිවරණ කොමිසමට බාරදෙන බවද, එතැනින් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ග්‍රාම නිලධාරීන්ට ලබාදී අදාළ පුද්ගලයන් වෙත නිකුත් කෙරෙන බවද, එම දෙපාර්තමේන්තුව කියයි.

අනන්‍යතා පත්‍ර නිකුත්කිරීම අද (28) අවසන් වේ.