හැටේ කතට අතවර කළැයි රියදුරෙක් අත්අඩංගුවට


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

හුදකලාව කල්ගත කළ  හැට හැවිරිදි එක් දරු මවකට හදි කළ බව කියන හැටපස් හැවිරිදි රියදුරකු ඊයේ (28) සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.

පැමිණිලිකාරියගේ නැගණියට මෙම සැකකරු  පොල්ලකින් පහරදීමට ගිය බව කියන සිද්ධියක් පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට ලත් පැමිණිල්ලක් අනුව කළ විභාගයෙදී  මෙම අතවර සිද්ධිය හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වැනිදා සිදුවූ බව කියන මෙම සිද්ධිය කාන්තාව රහසක් ලෙස තබාගෙන සිට පසුගිය දිනක ඇගේ නැගණියට පවසා ඇතැයි ද නැගණිය ඒ පිළිබඳව සැකකරුගෙන් කළ විමසීමකදී ඔහු පොලු පහර දීමට පැමිණ ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී කියවී ඇත. 

ඒ අවස්ථාවේ නැගණිය පහරදීමට පැමිණීම පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණයට පොලිස් නිලධාරීන්ගේ අවස්ථාවේ මෙම අතවර සිද්ධිය පිළිබඳව අනාවරණය වී ඇත.

අනතුරුව අතවරයට ලක් වූ බව කියන කාන්තාව රෝහල් ගත කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි 

මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටි ආරච්චි මහතාගේ මෙහෙයුම යටතේ පරීක්‍ෂණ පැවැත්වේ.