හැටන්-සාංචිමලේ මාර්ගයේ බස් අනතුරක්


( රංජිත් රාජපක්ෂ )                  

හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක්  අද (08)  අනතුරට පත් වි ඇතැයි හැටන් පොලිසිය පැවසිය.

එම මාර්ගයේ ඇන්ෆිල්ඩ් ප්‍රදේශයේ සිට බස් රථය ගමන් වාරය සදහා රියදුරු විසින් බස් රථය පන ගන්වා ඉදිරියට ධාවනය කරන අවස්ථාවේ බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය ඉදිරියට ධාවනය වි මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයෙන් වු ඇළකට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි හැටන් පොලිසය කියා සිටියේ .

 අද (08) දින උදැසන 09 පමණ මෙම අනතුර සිදු වි තිබේ. අනතුරට සිදුවන අවස්ථාවේ බසයේ කිසිදු මගියෙකු සිට නොමැති බවද හැටන් පොලිසිය පැවසිය.

අනතුරින් බස් රථයට දැඩි අලාභහානි සිදු ව ඇත.