හැටන් පෞද්ගලික පාසලේ ප්‍රදර්ශනය දා


(රංජිත් රාජපක්ෂ)

ලෝක ළමා දිනය නිමිත්තෙන් හැටන් වෙබ්ස්ටාර් පෞද්ගලික ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් විසින් නිර්මාණය කරන ලද ප්‍රදර්ශණයක් පෙරේදා (01) දින එම පාසල් පරිශ්‍රයේ දී ප්‍රදර්ශණය කරනු ලැබූහ.

ඉවතලන කාඩ්බෝඩ් ප්ලාස්ටික් කෝප්ප ප්ලාස්ටික් බෝතල් ඇතුළු ද්‍රව්‍ය යොදා ගනිමින් එම නිර්මාණ සිත්ගන්නා සුළු ආකාරයට නිර්මාණය කර තිබිණි.

එම ප්‍රදර්ශණය නැරඹීමට එම පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වී සිටියහ.