
(රංජිත් රාජපක්ෂ )
නායයාමේ අවදානමක් නිසා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ මීටර් 300ක් පමණ කොටසක් රථවාහන ගමනා ගමනය එක් මංතිරුවකට අද (03) දින සීමා කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය.
ප්‍රධාන මාර්ගයට ඉහළින් විශාල පැති බැම්මක් කඩා වැටීමත් සමඟ එම කොටස නායයෑමේ අවදානමක් පවතින නිසා මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමා කළ බව පොලිසිය කියා සිටියේය.
පසුගිය දින කිහිපය තුළ නුවරඑලිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නිවසක පැති බැම්ම කඩා වැටී ඇත.

