(රංජිත් රාජපක්ෂ)
තේ කුඩු කිලෝ දස දහසක් ප්රවාහනය කරමින් තිබු ලොරි රථයක් අනතුරට පත්විමෙන් හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ රථ වාහන ගමනා ගමන කටයුතු අද (02) අලුයම සිට අඩාලවී ඇති බව ආගරපතන පොලිසිය පැවසිය.
ආගරපතන පොලිස් වසමට අයත් ඇල්බියන් වතු යායේ සිට කොළඹ පැවැත්වෙන තේ වෙන්දේසිය සදහා තේ කොළ ප්රවාහනය කරමින් තිබු ලොරි රථය මෙසේ අනතුරට ලක්ව තිබේ.
ඇල්බියන් වත්ත ප්රදේශයේදි ඉදිරියට පැමිණි ලොරි රථයකට ඉඩ ලබාදිමට යාමේදි තේ කොළ ප්රවාහනය කල ලොරි රථයේ පසුපස රොදය මාර්ගයේ කොටසක් සමග කඩාගෙන ගොස් ඇත.
ආගරපතන ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ලොරි රථය අනතුරට පත් වි ඇතත් , අනතුරෙන් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති බව පොලිසිය පැවසිය.
ලොරි රථය අනතුරට පත් වු ස්ථානයේ සැහැල්ලු වාහන පමණක් ධාවනය කිරිමට හැකි බවත්, බර වාහන කිසිවක් එම මාර්ගයේ ධාවනය කිරිමට නොහැකි බවත්, අනතුරට පත් ලොරි රථය මාර්ගයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බව ආගරපතන පොලිසිය කියා සිටියේය.