හාලිඇල වැවක කාන්තා මළ සිරුරක්


(ප්‍රසාද් රුක්මල් ) 

හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා  මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .

මෙම මළසිරුර හාලිඇල   ගලඋඩ උදේනිගම පදිංචිව සිටි ආර්.ඩී.ධම්මිකා ලතා (42) නැමති තිදරු මවගේ බවට මරණකාරියගේ සැමියා විසින් හඳුනාගත් බවද පොලිසිය කීය .

මෙම කාන්තාව කිසියම් රෝගී තත්වයකින් පෙලෙමින් සිට ඇති බවත් , ඇය ඉකුත් 18 වන දින උදෑසන සිට නිවසින් අතුරුදහන් ව ඇති බවට ඇයගේ සැමියා විසින් කන්දෙගෙදර පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිසිය පැවසීය .

ලැබුණු තොරතුරක් මත  බුලුගහමඩවැවේ පාවෙමින් තිබූ මෙම කාන්තා  මළසිරුර සොයා ගන්නා විටත් මළසිරුර ඉදිමි දුගඳ හමමින් තිබිනැයි පොලිසිය සදහන් කළේය .