( ඔගස්ටින් ප්‍රනාන්දු)
ජනතාවට දරා ගත නොහැකි ලෙසින් ඉන්ධන මිල ඉහළ දමමින් ආණ්ඩුව මෙරට ජන ජිවිතය අගාධයට ඇද දැමු බවට චෝදනා නගමින් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ විරෝධතාවක් අද ( 23 ) දහවල් හලාවත නගරයේ දි පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ හලාවත ආසන බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබු මෙම විරෝධතාවට එම පෙරමුණේ සාමාජික සාමාජිකාවන් රැසක් එක්ව සිටියහ.