
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චං මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු විය.
මෙම හමුවේ දී තානාපතිනි ජුලී චෑන් මහත්මිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කරනු ලබන සාම බලකා (Peace Corps) අධ්‍යාපන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පිළිබඳවත්, අනෙකුත් සහයෝගීතා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් සඳහන් කළ අතර, ෆුල්බ්‍රයිට් ජාත්‍යන්තර ශිෂ්‍යත්ව හුවමාරු වැඩසටහන මගින් දෙරට අතර අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් අවධාරණය කළා ය.
ජාත්‍යන්තර අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරුව මුල් කරගනිමින් සිදු කරනු ලබන එක්සත් ජනපද රජය විසින් ගෙන යන ප්‍රමුඛ ශිෂ්‍යත්ව වැඩසටහනක් වන ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව වැඩසටහන, රටවල් 160 කට වැඩි ගණනක සිසුන් සහ විද්වතුන් සඳහා අධ්‍යයනය කටයුතු, ඉගැන්වීම්, පර්යේෂණ, අදහස් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙයි.

