හරිනි -මෝදි හමුවෙයි


(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා අතර හමුවක් නවදිල්ලි  නුවර දී අද (17) සිදුවිය.

ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් මුලපිරීම් වැනි ක්ෂේත්‍ර සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් දෙරටම මුහුණ දෙන  අභියෝගවලට මුහුණදීම පිළිබඳ මෙම හමුවේ දී  සාකච්ඡා කෙරුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.