හරක් කටා සමග දුරකතනයෙන් සම්බන්ධ වූ හයක් මාට්ටු


(ගයාන් සූරිය ආරච්චි)

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාධ කරුවකු බවක කියන පුද්ගලයා  සමඟ දුරකථන සංවාද පැවැත් වී යැයි බව කියන හය දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වැලිගම හා අතුරුගිරිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් වයස අවුරුදු 24 - 43අතර පසුවන්නන් බව පොලිසිය පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ.