
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ තබාගෙන සිටිමින් විමර්ශන සිදුකළ ද ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමට පත් නොවන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විමර්ශන නිලධාරීන් ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත.
හරක් කටා නැමැත්තා ගෙවී ගිය වසර කීපය තුළ මත්කුඩු කිලෝ 4000 කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා හැර ඇති බවට සාක්කි තිබියදී ඔහුට විරුද්ධව නඩු නොදැමීම පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයා සිය විමතිය පළ කර ඇති බවද වාර්තාවේ.
හරක් කටා සම්බන්ධව අනාවරණය වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාල නඩු කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා මෙහිදී නීති විෂය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.
හරක් කටා සම්බන්ධයෙන් කර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සමග පොලිස් මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්චාවකදී මේ බව පවසා ඇත.

