හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් යන්ත්‍ර දෙකක් කලවාන රෝහලට


(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

ලක්ෂ 26 ක් වටිනා හයි ෆ්ලෝ නේසල් ඔක්සිජන් ( HFNO) යන්ත්‍ර දෙකක් කලවාන මූලික රෝහල වෙත පරිත්‍යාග කලවාන අපේ එකමුතුව විසින් සිදු කරනු ලැබීය .

සමාජ මාධ්‍ය ජාල පරිශීලිකයින්ගේ දායකත්වයෙන් කලවානේ අපේ එකමුතුව එක්ව පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මෙම යන්ත්‍ර දෙක මිළදී ගෙන තිබේ. දින දෙකක් ඇතුළත මෙම යන්ත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් එකතු වීමද විශේෂත්වයකි.