හමුදා සෙබළා වෙඩි වැදී රෝහලේ


(ගයාන් සූරිය ආරච්චි)

මුලතිව්, කොකාවිල් 4, යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ  යුද හමුදා සෙබළෙකු වෙඩි වැදී බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව මාන්කුලන් පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි යුද හමුදා සෙබළෙකි.

එම යුද හමුදා සෙබළා තමා සන්තකයේ තිබූ ටී පනස් හය වර්ගයේ ගිනි අවියෙන් වෙඩි තබා ගැනීමට උත්සාහ කළේ ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මාන්කුළම්පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.